《La Vie en Rose》Life 2

Advertisement

පුරුදු වෙමු

පහන පිරිමැදලා එළියට එන භූතයගෙන්

වර තුන නොයිල්ලා

පළමු වරයෙන්ම භූතයව නිදහස් කරන්න

අනිත් කෙනාගේ ඇද උනු තැන ගැන

ඇනුම්පද කියන්න කලින්

මනස කෙළින් කරගමු

කැමැති දේ කරමු

හැබැයි අමතක නොකර

ඒ හැමදෙයක්ම

අනිකාගෙ නහය අසලින් කෙළවර කරමු

ඉවසමු

ඉවසලා ඉවසලා බැරිම සීමාවෙදිත්

අමතක නොකරමු

' බෲටස් ඔබත් ' යැයි

සීසරුත් පැවසූ වග

ඔබ ගොළු වූ විට

ඔබේ හඩ වූ අයට

මගනොහැර තුති පුදමු

නොකිපෙමු

මංවත් 100% නොදන්නා මං ගැන

10%ක්වත් නොදන්නා

අනුන් කියන කතාවට

මතක තියාගමු

වෙන කෙනෙක් යනු

ඔබ නොවන වග

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click