《La Vie en Rose》Prefect life

Advertisement

මතකද දවසක්

කෙල්ලෝ හතලිස් පහක්

රිදී පැහැ පහනක්

රැදුනු ඉටිපන්දමක් ගෙන

' දක්ෂිණ ලංකාවේ

අග්‍රගණ්‍ය වූ... '

කියා එකහඩින්

වදනක් සපථ කල

අනෙ හලො මේ මගුල

පෝරණුවක් වගේ

කියා බැන්නත් හිතින්

පෙම් බැදපු බ්ලේසරය

පිරිතකට දානෙකට

තෑගි උත්සවයක්ද

ඕනම වැදගත්

දිනයක් උදා වූ විට

හලෝ අපි ප්‍රිෆෙක්ට්ලද

නැත්නම් සර්වන්ට්ලද

කියා කිව්වත් හිතින්

ලොබ බැන්දලු එයට

අත්දිගට දමාලා බැජ් එකක් ගැහුවාට

ඔහෙලගෙන් නැහැ මෙලෝ වැඩක් අනෙ ඇත්තටම

කියා කුනුබැනුම් ඇහුවත් අනෙ අපි සැවොම

ලොකු පුටුවක ඉදන් පොඩි පුටුව දක්වාම

වාඩිවෙනකොට හිතුනේ නැද්ද ඩිංගක්වත්

මේ පුටු සියල්ලම පාවෙලා නාව වග

පිරිත් දා මහ රෑ වෙනකම්ම නැහීගෙන

බොනිකර තරු ගැනත් රස කතා කියාගෙන

උදේ දානෙට පැමිනි සෙන්ට් පුයර සුවද මැද

දන්නවද ගදගහන කෙල්ලොනුත් ඉදපු වග

ප්‍රිෆෙක්ට්ලා හොදයි

හිටවන්න අර කනුවලට

ඔව් එහෙම වෙන්නැති

ඒත් ඩිංගක් හිතන්න

අපි තාම ළමයි

වැරදි වෙනවා අතින්

ඒත් පුළුවන් ලෙසට

කලා හැමවිටම අපි

ලස්සනයි නේද අපෙ

ඉස්කෝලේ උත්සව

දන්නවද ඒහැම ලස්සනක් අස්සෙන්ම

දිගු සුදු ගවුම් අත් මහගොඩක් හිටපු බව

දන්නවද අපිට බෑ කන්න බ්ලේසර් දාලා

දන්නවද අපිට බෑ නිදන්නට පිරිත් දා

ඔක්කොම කරන්නේ අක්කගේ අවසරෙන්

බ්ලේසර් දාන්නෙත් ඇය දැම්මාට පසු

හරි අමුතු රීති ඔව්

ඒත් හරි ලස්සනයි

ඒ රීති වල කෙනෙක්

වූ නිසා මේමාත්

දන්නවද

මගෙ දිවිය

මහගොඩක්

බැබලුණා

වදයක් තමයි අනෙ කිව්වත් වෙලාවක

ඇත්තමයි ආදරෙයි මහගොඩක් පට්ටමට

දුන්න මහගොඩක් රස මතක අපෙ දිවිතුලට

ආදරෙයි මහමෙරක් දමා යා නොහැකි ලෙස

කෙල්ලෝ හතලිස් පහක් ලොකුම බෝර්ඩ් එක වූ

අවුරුදු පහක් වැඩිම කාලයක් හිටි

තව ටික දිනයකින් ඉතිහාසේ ලියවෙමින්

සමුගන්නවා අපි උණු කදුලක් මැදින් ...

අපි තමයි

__________

රන් මව්ගේ

රිදී දුවණියෝ පෙළ ...

මගේ prefect life එක ගැන ඔයලට කිම් රාගේ

මෙන්න මේ පොතෙන් දැනගන්න පුළුවන් ... තාම ongoing ... ඕකේ එක චරිතයක් විදිහට මාත් ඉන්නව ඉතින් ...

people are reading<La Vie en Rose>
    Close message
    Advertisement
    You may like
    You can access <East Tale> through any of the following apps you have installed
    5800Coins for Signup,580 Coins daily.
    Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
    2 Then Click【Add To Home Screen】
    1Click