《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_10 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
එදා හවස Taehyung Jungkook ගෙන් වෙන්වෙලා ගෙදර ආවෙ වෙනද වගේ සතුටින් නෙවේ... ඔහුගෙ පුංචි හිත ලොකු දුකකින් වගේම ලොකු බයකිනුත් පිරිල තිබ්බා... car එකෙන් බැහැලා එන්න කලින් Jungkook ගෙන් හම්බුන උණුසුම් හාදුව එයාට ලැබුණු අවසන් හාදුවද කියන බය Taehyung ගෙ හිතේ උඩු දුවල තිබ්බා...
ගේ ඇතුලට ඇවිත් කෙලින්ම කාමරේට රිංගගත්ත එයා මේ තරම් වෙලා හිර කරන් හිටපු කදුළු වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නෙ කොට්ටෙන් තමන්ගෙ මූණ වහගෙන ... ඔව් ඔහු ඇඩුව.. කෑ ගහල ඇඩුවා..
ඒ සද්දෙට තමා Mrs.Kim ගොඩක් කලබලෙන් Taehyung ගෙ කාමරේට ආවෙ.. පස්සෙ Taehyung තමන්ගෙ මවට තුරුල් වෙලා එයාගෙ පුංචි හිතට වදදෙන හැමදේම ගැන කිය කිය අඩන්න පටන් ගත්ත... ටික වෙලාවකින් Mrs.Kim ගෙ තුරුලෙම Taehyung නින්දට වැටුනෙ ඔහුටත් නොදැනීමයි....
||||||||||||||||||
අනිත් පැත්තෙන් Jungkook... ඔහු Taehyung ව ගෙදර ඇරලවලා ඔහුගේ ගෙදර යද්දි හවස 6.30 පහුවෙලා තිබ්බා... car එක park කරලා ගේ ඇතුලට ආපු Jungkook ගෙ ඇඟ පුරා එකපාරටම අමුතු හිරියක් ගලාගෙන ගියේ Living room එකේ ඉදන් ඔහු වෙත අමුතුම බැල්මක් හෙලලා බලන් ඉන්න තමන්ගෙ පියාව ඇහැ ගැටුන නිසා...
" කොහෙද ඔයා ගියේ...
මොනාද මේ තරම් වෙලා කලේ... "
ඒක තමා Mr.Jeon තම එකම පුතු Jungkook වෙත යොමු කරපු පලමු ප්‍රශ්නය... Jungkook හිතුවා මේ වෙලාවෙ Mr.Jeon ට ඇත්තම කියන්න... Taehyung ගැන, ඔවුන්ගෙ සම්බන්ධෙ ගැන හැමදේම....
ඔහු පිළිතුරු දුන්නා...
" ඒ කවුද!? මං දන්නෙ නෑනේ....
කොයිතරම් කල්ද යාලුවෙලා..."
" Mr.Kim ගෙ පුතා... Kim Taehyung.
මම ගොඩක් කල් ඉදන් එයාට ආදරේ කරනවා... "
" ඒක හරියන එකක් නෙවේ...
අදම breakup වෙන්න... "
" ඒත් ඇයි අප්පා.... එයාටයි මම ආදරේ...
මම marry කරන්න ඕනෙ මම ආදරේ කරන කෙනාව නෙවෙයිද!? "
" කොහෙත්ම නෑ Jeon Jungkook...
Taehyung ව marry කලා කියලා ඔයාට මොනාද ලැබෙන්නෙ... ඔය මගුල් ආදරේ ඇරෙන්න... Mr.Kim කියන්නෙ මගේ business partner... ඔයා එයාගෙ පුතාව marry කලා කියල අපේ company එකට කිසිම profit එකක් නෑ.. "
" අප්පා.... ඇයි ඔයා මාව මෙහෙම Business එක වෙනුවෙන් විකුණන්න හදන්නෙ..."
Advertisement
" මම එහෙම කරන්නෙ නෑ Jungkook...
ඔයා දන්නෙ නැති වුණාට jisoo හොද කෙල්ලෙක්..
Marriage එකෙන් පස්සෙ ඔයත් එයාට නිකන්ම ආදරේ කරයි...
Taehyung ව නිකන්ම අමතක වෙලා යයි..."
" අනේ අප්පා... please.
ඒ marriage එක කරන්න බෑ මට.. මම ආදරේ කරන්නෙ Taehyung ට... මට බෑ jisoo ට ආදරේ කරන්න... "
" එකට ජීවත් වෙන්න ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ Jungkook..
දැම්ම Taehyung එක්ක breakup වෙන්න..."
" අප්පා.... කොහොමද ඔයා ඔහොම කතා කරන්නෙ...
අඩුම ගානෙ ඔයා මගේ ඔම්මටවත් ආදරේ කලේ නැද්ද...?
මං එතකොට ඔයාලගෙ අත්වැරදීමක් ද? "
Jungkook ගෙ ඒ කතාවට Mr.Jeon ට ගොඩක් කේන්ති ගියා. ඔහු තම කේන්තිය පිට කලේ Jungkook ගෙ කන හරහා දුන්න කම්මුල් පාරකින්.
ඔව්!! ඔහුට ඇත්තටම කේන්ති ගියා....
මොකද ඔහු කොයිතරම් තම ව්‍යාපාරය ගැන සිතුවත් තම බිරිඳට වගේම තම පුතාටත් ආදරේ කලා... ඒ නිසයි ඔහු තම බිරිඳගෙ වියෝවෙන් අනතුරුව තවත් විවාහයක් ගැන නොහිතුවෙ... ඒ වගේම කිසිම අඩුපාඩුවක් නොකර තනිවම Jungkook ව උස්මහත් කලේ...
Mr.Jeon දන්නෙ නෑ ආදරේ පෙන්නන්න... ආදරේ කරන්න... ඒ වගේම ඔහු ආදරේ තියෙන වටිනාකම ගැන දන්නෙත් නෑ... ඔහුට එය දැනගන්න අවශ්‍යතාවයක් තිබ්බෙත් නෑ... මොකද ඔහුගේ මනසේ වැඩ කරපු එකම දේ Business!!
ඔහු රෑ දවල් නොතකා වෙහෙසුනේ ඒ වෙනුවෙන්.... ඔහුට වුවමනා වුණේ මුදල්.... ඔහු හිතුවා සතුටින් ජීවත් වෙන්න මුදල් ප්‍රමාණවත් කියලා.... ඔහුට වූමනා වුණේ තමන්ගෙ දුක් මහන්සියෙන් හම්බකරන මුදල් වලින් තමන්ගෙ පවුල සතුටු කරන්න... එයම පමණයි!
" තව එක වචනයක් වත් කතා කරන්න එපා Jeon Jungkook
මේ දැන්ම තමුන්ගෙ room එකට යනවා...
තව දවස් 5 කින් තමුන්ගෙ wedding එක... එතකන් උඹට ගෙයින් එලියට අඩියක්වත් තියන්න තහනම්..
මම නොකිව්වයි කියන්න එපා.. "
" අනේ අප්පා..... please එපා..."
Jungkook සාලෙ මැද්දෙ බිම ඉදගෙන කෑ ගහලා අඩද්දි Mr.Jeon ඒ කිසිම දෙයක් ගණන් නොගෙන ගෙදරින් එලියට ගියා....
||||||||||||||
ඔය සිදුවීමෙන් දවස් දෙකකට පස්සෙ Kim නිවස වෙත එක ආගන්තුකයෙක් පැමිණියා.... ඔහු පැමිණියේ නිකන්ම නෙවෙයි. විවාහ යෝජනාවකුත් එක්ක...
මේ වෙලාවෙ Taehyung හිටියෙ තමන්ගෙ කාමරේ ඇතුලෙ.. ඔහු දැන් එයින් පිටතට පැමිණීම දැඩිව ප්‍රතික්ෂේප කරනවා... Jungkook Taehyung ට කියල තිබ්බා දැන් ඔහු නිවාස අඩස්‌සියෙ බවත් තව දින පහකින් jisoo එක්ක ඔහුගෙ විවාහය සිදුවන බවත්... මේ දේ නිසා Taehyung හිටියෙ ප්‍රාණය නිරුද්ධ වුණු මළ සිරුරක් වගේ.. ඔහුගෙ බඩට මොනහරි දෙයක් වැටුන නම් ඒ Mrs.Kim ගෙ නොපසුබට උත්සාහය නිසා....
Advertisement
" ටේ බබා.... පොඩ්ඩක් පහලට එන්න...
කෙනෙක් ඔයාව හම්බවෙන්න ඇවිත්..."
හදිස්සියෙම Taehyung ගෙ කාමරේට ආව Mr.Kim එහෙම කිව්වා.
Taehyung ගෙ ඇද මත ඉදගත්ත Mr.Kim Taehyung ගෙ ඔලුව අතගාලා එහෙම කිව්ව.
Taehyung ගෙ කදුළු ආයෙත් අලුත් වුණා... Mr. Kim ඔහුගේ ඔලුව අතගාන ගමන්ම Taehyung ව තමාට තදින් තුරුල් කරගත්තේ තම පුතුගෙ කදුළු දකින්න ඔහු අකමැති නිසා.
ටික වෙලාවකට පස්සෙ Taehyung ව නැවතත් කාමරේ තනි කරලා Mr.Kim පහලට පැමිණියා.
ඉතින්
|||||||||||||||
තවත් දවසක් ඔය විදියට ගත වෙලා ගියා...
දැන් දවස් දෙකකට පස්සෙ Jungkook ගෙ wedding එක.... Kim family එකටත් මේ වෙද්දි invitation card එකක් ලැබිලයි තිබුණෙ...
Jungkook ගෙ තත්වෙ දැන් Taehyung ටත් වඩා නරකයි.. Taehyung ව බලාගන්න ඔහුගෙ මවත් පියත් ඔහු ළඟම හිටියත් Jungkook ව බලාගන්න ඔහු ළඟ කවුරුත් හිටියෙ නෑ...
එදා Mr.Jeon තම පුතු Jungkook ව ගෙදර තනිකරලා ගිය දවසෙ ඉදන් මේ වෙනකන් ආපහු ඔහු ගෙදර ආවෙ නෑ... ඔහු තමන්ගෙ Company එකේම තිබ්බ private room එකේ දවස් ගෙවල දැම්මා... Jungkook ට අවශ්‍ය කෑම බීම ටික හදල දෙන්න මීට කලින් ඉදන් maid කෙනෙක් ඒ ගෙදර හිටපු නිසා Mr.Jeon ට එතනින් එහාට Jungkook ගැන කරදර වෙන්න අවශ්‍ය වුණේ නෑ.
ඒත් ඒ maid අතින් පිසුණු කිසිම ආහාරයක් මේ දවස් කීපය තුලදී Jungkook ගෙ බඩට නම් වැටුනෙ නෑ.. Jungkook තමන්ගෙ බඩට දමාගත්ත මොනහරිම දෙයක් තිබ්බ නම් ඒ කෑම වේලත් එක්ක හැමදාම ඔහුට ලැබුණු Banana milkshake එක විතරයි...
ඒකත් එහෙම වුණේ තමන් වෙනුවෙන් නොවුණත් Taehyung වෙනුවෙන් ඔහු අනිවාර්යයෙන්ම ජීවත් වීමට අවශ්‍ය බව ඔහු හොදින්ම දන්න නිසා... ඔහුට බඩගින්න ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ.. මොකද ඊට වඩා විශාල වේදනාවක් ඔහුගෙ හිත ඇතුලේ කැකෑරෙමින් තිබුණ නිසා...
|||||||||||||||
හෙට තමා Jungkook ගෙ wedding එක...
මුලු රෑ පුරාවටම Taehyung හා Jungkook හිටියෙ අවදියෙන්... Phone එකේ පුංචි තිරයෙන් එකිනෙකා දෙස බලාගෙන ඔහේ කදුළු වලට ගලාගෙන යන්න ඉඩදුන්න ඔවුන් දෙන්නා මුළු රාත්‍රියම ඒ විදියට ගෙවා දැම්මා.
Jungkook ට තදින්ම වුවමනා වුණා Taehyung ගෙ ළඟට යන්න... ඔහුගෙ කදුළු පිසදමන්න... ඔහුව වැලදගන්න... ඔහුව සිපගන්න... ඔහුව තමන්ගෙ අත් අතර තියාගෙන ආදරේ කරන්න..... ඒත් ඔහුට ගෙදරින් පිටට යන්න බෑ,,, ගේ වටේම Mr.Jeon යෙදෙව්ව gard ලා ඉන්න නිසා.....
Taehyung ට වුණත් ඒ හැගීම් වල වෙනසක් තිබ්බෙ නෑ.. ඔහුටත් වූමනා වුණා Jungkook ගෙ අත් අතර ඉන්න... ඔහුගෙ උණුහුම විදින්න... ඔහුගෙ හදු වලින් නෑ වෙන්න.. ඔහුට ආදරේ කරන්න... Taehyung ටත් තදින්ම වුවමනා වුණා...
ඒත් දෛවයේ සරදමට ඔවුන් වෙන් වෙලා... ආදරෙන් බැඳිල තිබ්බ ඒ හදවත් දෙක අද තැන් දෙකක ඉදන් විඳවනවා...
Jungkook ට Taehyung එක්ක මේ විදියට හරි කතා කරන්න පුළුවන් වුණ එකම හේතුව වාසනාවට වගේ ඔහු අතේ ඉතුරු වුණු පුංචි දුරකථනය.... මොකද Mr.Jeon ට ඒක Jungkook ගෙන් ඉවත් කරන්න අමතක වෙලා තිබ්බා.... ඒ නිසා ඔවුන්ට පුළුවන් වුණා එකිනෙකා සමග කතා කරන්න වගේම දුරින් ඉදන් හරි අනෙකාව දැකලා ටිකක් හරි සැනසෙන්න...
||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
A/ N .:
ඊළඟ chapi එකෙන් වෙඩින් එකට යං හොදේ....😁😁👍💜
❤
Advertisement
- In Serial10 Chapters
How to get away with murder
How do you commit murder without anyone suspecting? Is the perfect murder really possible or does it just require the perfect man? When she finds a piece of paper that includes a murder plan written by the idol of the school, it includes nothing but scenarios that may or may not end in deadly accidents, not worthy of being called a plan. She dismisses it as fantasy... But then someone dies. An accident...
8 331 - In Serial39 Chapters
Rab Ne Bana Di Jodi (Arjuhi Fiction)
I'm just a Fangirl of the Original writer, Her stories are simply Amazing ! Felt like sharing her work here, So I'm just Reposting her Story!All Credit goes to Original Writer..I own NOTHING ☺Story is Written by Raman (IF ID : @salmankh1)
8 84 - In Serial10 Chapters
MISS DARLING. | BWWM (hiatus)
Yvette Darling doesn't remember the first tens years of her life. All twenty-five year old Yvette wants to do is create a future with the people around her to fill the empty and missing void she feels from not knowing her past. It is easier said then done due to Yvette passing out frequently, having headaches and daydreams of things she believes are her repressed memories due she's been through when she was only ten-years old. Yvette on her twenty-fifth birthday witnessed a murder, and it wasn't her first one..Now her life being in the hands of Levi Daalman and his younger half brother Carson. Yvette will finally have the key to those unlocked memories and with that comes danger and betrayal and love right around the corner.
8 149 - In Serial56 Chapters
[First Draft] Crystals (girlxgirl) (studentxteacher) (lesbian story)
Lilly's family are different from other people's. They each have a crystal which controls who they fall in love with. They have two years, from their eighteenth birthday to their twentieth, to find this 'soul mate'. Lilly's big brother Harry died because he didn't find his in time and Lilly is petrified that the same will happen to her so when she finds hers on the first day she is beyond relieved. There's just one small problem. She's a woman. (WARNING: This story is simply the first draft and mostly written by a fourteen/ fifteen-year-old me. It isn't the best!)
8 207 - In Serial64 Chapters
My Brother's Best Friend
Completed.Emily Winston has returned back home after spending a year in London. She comes home to her shared apartment with her twin brother, Emmett, to find that Emmett has offered his best friend, Parker Adams, a room in their apartment. Parker & Emily struggle to get along, including daily squabbles and constant insults. How will Emily survive living with Parker Adams? *This book deals with issues such as Anorexia and self-harm. -Cover created by: TahliePurvis
8 155 - In Serial76 Chapters
The Girl Who Stutters and The Boy Who Mutters
Abby has always just been identified as stutter girl. Her high school life was a complete disaster, she lived in her sister's shadow the entire time and any chance she had at having a social life was brutally murdered after Scott Rogers mocked her about her stuttering their very first day of freshman year. Scott is the quote on quote 'bad boy' of the school. Or at least that's what everyone else has him pinned as. He may be a huge flirt, but he sure doesn't sleep around. He genuinely only made fun of Abby that first day because he was curious, but then again with Scott his curiosity isn't always what he should lead by. Of course Scott and Abby went their separate ways after Scott got kicked out several weeks after the incident, and Abby was eternally grateful for that. She thought she'd never have to see her bully again since he had been shipped off to private school. But then college came along and with college comes new people...and maybe even a few old ones. What happens when not only are Scott and Abby reunited but they have to share a room? Could it be love? Hate? Follow Scott and Abby as they explore feelings they never thought they'd ever get the chance to experience and maybe even more than that. 9/21/17: #1 in Chicklit
8 210

