《PSYCHO BUNNY (Completed ✅)》chapter 4
Advertisement
Taehyung's pov....
මං ජන්කුක්ව බලලා ඇවිල්ලා හිටියේ මගේ කැබින් එකෙ....
අද ගොඩාක් ලොකු වැඩක් මට තිබ්බෙ නැහැ....
පැයකට විතර පස්සෙ මගේ වේලාව ආවම මං ගියේ මගේ පෙශන්ට්ලාව check කරන්න....
මං මට භාරව ඉන්න රෝගින්ගේ අලුත් තත්වේ ගැන බල බල ඉද්දි එතනට කලබලෙන් දුවගෙන ආවේ C බිල්ඩිමේ ඉන්න අර ඇටෙන්ඩන්....
🐯: යේ ?
🐯:
ඇටෙන්ඩන් හති ඇර ඇර ජන්කුක් ගැන කියන්න හදද්දි මං උන පාර ටිකක් සද්දෙන් කෑගැහුව්වේ ඇටෙන්ඩන්ගේ කතාවටත් බාදා කරලා....
ඊට පස්සේ ජන්කුක්ට මොකද වෙලා තියෙන්නෙ කියලා අහලා ඇටෙන්ඩන්ගේන් උත්තරයක් මට හම්බෙන්නත් කලින්ම මං මගේ කැබින් එකෙන් බෙහෙත් ටිකත් අරන් එහෙමම දිව්වේ C බිල්ඩිමට.....
බිල්ඩින් එකෙ ඇතුලට දුවගෙන ආපු වේගෙන්ම මං ජන්කුක්ගේ කාමරේ පැත්තට දිව්වා...
මං ජන්කුක්ගේ කාමරේ පැත්තට කිට්ටු වෙද්දි මට ඇහුනේ ලොකු ඝෝෂාවක්.....ඔව්, වෙනදාට වඩා ජන්කුක් ඉන්න කාමරේ පැත්තේ ඒ වේලාවේ සද්දෙ වැඩියි....
අඩිය ඉක්මන් කරලා මං ඒ පැත්තට යද්දි දැක්කෙ තවත් ඇටෙන්ඩන්ලා වගේම නර්ස්ලා කිහිප දෙනෙක් ජන්කුක්ව පාලනේ කරන්න උත්සාහ කරනවා....
ජන්කුක්, එයා ඊයෙට වඩා හුගාක් වෙනස්...එයාගෙ හැසිරිම හරිම දරුණු පාටයි...
අතේ බිදුන විදුරු කට්ටක් අරන් එයා හදන්නෙ එයාටම තුවාල කරන් වටේ ඉන්න අයටත් තුවාල කරන්න....
මං එයාගෙ කාමරේ දොර ඉස්සරහට අඩිය තියනවා එක්කම මාව අර ඇටෙන්ඩන් නැවැත්තුවා....
👨:
ඒ ඇටෙන්ඩන් කියන මෝඩ කතා අහගෙන හිටිය මට තරහ ගිය පාර එයාටත් ටිකක් කෑගහලා මං කාමරේ ඇතුලට ආවා....
මගේ අතේ තිබ්බ ඉන්ජෙක්ෂන් එක තද කරගෙන මං ජන්කුක් ලගට යන ගමන් ඇතුලේ හිටිය අනිත් අයට මං ඔලුවෙන් සංඥා කරේ එලියට යන්න කියලා.....
එත් එයාලා මාව ජන්කුක් එක්ක තනියම තියලා යන්න ටිකක් අදිමදි කරද්දි මං එයා දිහාවට දරුනු බැල්මක් හෙලුවේ මට ජන්කුක්ව කන්ට්‍රොල් කරන එක නිදහසේ කරන්න ඕන නිසා.....
කොහොම හරි මගේ බැල්මට බය උන එයාලා එතනින් ඉක්මනින් පිට වෙද්දි මං ඊලඟට බැලුවේ මගේ ඉස්සරහ වියරු වැටිලා හිටිහ ජන්කුක් දිහා....
මං පුලුවන් තරම් මගේ හඬ බාල කරලා එයාට කතා කරන්න උත්සාහ ගත්තා....
🐯:
මං කාටත් ඇහෙන නෑහෙන විදිහට එහෙම කතා කරද්දි නිශ්ශබ්ද කාමරයක් ඇතුලේ තනි උන ජන්කුක්ට මං කතා කරන එක ඇහුනා.......
Advertisement
🐯:
ජන්කුක් එහෙම කියන ගමන් පිටිපස්සෙන් පිටිපස්සට අඩි තියන්න ගත්තේ හරියට එයාගේ අතින් මට වෙන්න යන දේකින් බේරන්න හදනවා වගේ...නමුත් මං මේපාර බය නොවී දිගටම එයා ගාවට ඇවිදගෙන ගියා....
එයාගෙ ඇස් රතු පාටයි...ඒවා වියරු වැටිලා.....බෙල්ලෙ නහර ඔක්කොමත් ඉලිප්පිලා එලියටත් පේනවා...
අතේ තිබ්බ විදුරු කට්ටෙන් එයාම එයාගෙ අත කිහිප තැනක්ම ඒ වෙනකොටත් තුවාල කරගෙන...
මං හිමින් ජන්කුක් ලගට ලං උනේ ඕන දෙයක් වෙද්දෙන් කියලා හිතන්....
ජන්කුක් ලගට ආපු මං හීමීට එයාව එක අතකින් බදා ගන්න ගමන් මගේ අනිත් අතේ තිබ්බ ඉන්ජෙක්ෂන් එක මං එයාට ගැහුව්වා......
දැනෙන හීන් වේදනාවට එයා තුවාලයක් උන පුංචි බලු පැටියෙක් වගේ කෙඳිරි ගාද්දි මං එයාගේ කන ලඟට පහත් වෙලා හෙමින් මුමුනන්න ගත්තා...
🐯:
එහෙම කියපු මං එයාගෙ ඔලුව හිමිට අත ගාන්න ගද්දි එයා එයාගෙ ඔලුව මගේ උරහිස උඩින් තියා ගත්තා...
එයා ටික ටික සංසුන් වෙනවා කියලා දැනෙද්දි හිමිට එයාගෙ අත් අතර හිරකරගෙන හිටිය වීදුරු කට්ට මං අයින් කරාම ජන්කුක්ගේ ඇස් ඉබේම වැහිලා ගියේ බෙහෙත් එයාලාගෙ රාජකාරි කරන්න පටන් අරන් තිබ්බ හින්දා....
ජන්කුක්ගේ ඇස් සම්පුර්ණයෙන්ම වැහිලා ගියාම එයා එක්කම මං බිම ඉද ගෙන දොර ගාව බලද්දි දැක්කෙ හැමෝම ඇසුත් ලොකු කරන් මං දිහා බලන් ඉන්න විදිහයි.....
ඔව් ඉතිං පුදුම වෙන්න එපැයි... ජන්කුක් ලගට එන හැමෝටම කරදර කරන්න උත්සාහ ගනිද්දි මට විතරයිනේ කීකරු උනේ....
එතන හිටපු නර්ස් කෙනෙක්ට මං ලඟට අඬ ගහන ගමන් බෙහෙත් ටික ඉල්ල ගත්තෙ ජන්කුක්ගේ තුවාල වෙලා තිබ්බ අතට බෙහෙත් දාන්න ඕනී නිසා...
එයාගෙ අත් වල හුගාක් හොද වෙච්ච තුවාල තිබ්බා...ඒ කියන්නෙ මේකයි ජන්කුක්ගේ ලෙඩේ....
විනාඩි ගානකට පස්සේ මං ජන්කුක්ගේ අතේ තිබ්බ තූවාල වලට බෙහෙත් දාලා එලියට ආවාම අර ඇටෙන්ඩන් තවමත් පුදුමෙන් එතනම හිටගෙන හිටියා....
👨:
🐯:
මට ඒ යකාව පෙන්නන්න බැරි නිසා මං එහෙම කියලා එතනින් එන්න ආවේ හිතේ කොනක ජන්කුක් මට විතරක් සංසුන් උන එක ගැන පොඩි සතුටකුත් එක්ක.....
____________________________________
එදා දවසේත් රෑ වෙනකන් මං වෙනදා වගේ වැඩ කරා....
හවස C බිල්ඩිමට ගිහින් මං ජන්කුක් ගේ කාමරේ යතුරත් ඉල්ලන් ආවා...
රෑ ඉස්පිරිතාල මාත් එක්ක නැවතුනේ තව ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙක් විතරයි....
Advertisement
එයාලාගෙ අත් උදව්වට ඉන්න නර්ස්ලාත් එයාල එක්ක නැවතෙද්දි එත් මගේ නර්ස්ව ගෙදර යැව්වේ ජන්කුක්ගේ වැඩේ මට තනියමම කරන්න ඕන උන නිසා...
රෑ දහයට විතර මං මගේ කැබින් එකත් ලොක් කරලා ගියේ ජන්කුක් ගේ කාමරේ දිහාවට....
ජන්කුක් ගේ කාමරේ දොර ඇරලා එක ඇතුලින් ලොක් කරන ගමන් මං ඇතුලට හෙමින් ඇවිදගෙන ගියා...
මුලු කාමරේම කලුවරයි...එත් හද එලිය නිසා ජන්කුක් ඉන්න තැන මට යාන්තමට පෙනුනා...
ජන්කුක් තාම නිදි...මං කලබල නොකර එයා ගාවට ගිහින් එදා වගෙම එයාගෙ ඉස්සරහ දන ගහ ගත්තා...
එත් මගේ හිත එදාට වඩා හුගාක් වෙනස්... එදා මගේ හදවත හයියෙන් ගැහුනත් අද නොර්මල් එකේ වෙනදා වගේ ගැහෙන්න ගත්තා...
ඔව් මං දැන් ජන්කුක්ට බය නැහැ....එයා මට කීකරුයි....අනික එයාට බය වෙන්න හේතුවකුත් නැහැ...
මං ජන්කුක් ගේ උරහිසෙන් අල්ලලා එයාව හිමිට නැගිට්වන්න උත්සාහ ගත්තා....
🐯:
මං එහෙම කියලා ජන්කුක්ගේ උරහිස ටිකක් හෙල්ලුවාම එයා කෙදිරි ගාන ගමන් හෙමින් ඇස් ඇරියත් ඊලග තප්පරෙ මගෙන් ටිකක් ඈත් උනා....
එයා තාම හිතන්නෙ එයා මට කරදර කරයි කියලා ද?
🐯:
එහෙම කියලා මං මගෙ අතක් එයාට දික් කරාම ඒ අත දිහා ටික වේලාවක් බලන් හිටිය ජන්කුක් හුගාක් හොද කෙනෙක් වගේ මගේ අත අල්ලගෙන මට ලං උනා....
🐯:
එයා හිනා වෙලා ඔලුව වැනුවා...
Wow එයා හිනා උනා...!! එයා හිනා වෙන්නත් දන්නවා....
🐯:
එයාට මතකයි ඒක...
🐯:
එයා ආයෙම ඔලුව වැනුවා....
මං හිනා වෙලා එයාට කතා කරා...
🐯:
කියලා මං මගේ අත් දෙක දෙපැත්තට දික් කරද්දි එයා ලගට ඇවිත් මාවත් බදාගෙන මගේ උරහිස උඩින් ඔලුව තියා ගත්තා....
මාත් එයාගෙ ඔලුව අත ගාන ගමන් කලින් ප්‍රශ්නේ ආයෙ අහන්න ගත්තා...
🐯:
🐯:
එයා ආයෙ මට රෝස මල කියන්න ගත්තා....
🐯:
කියලා එයාගෙ heart එක ලගට අත තියද්දි මට දැනුනේ එයාගෙ හදවත හුගාක් වේගෙන් ගැහෙනවා...
🐯:
ඒක කියපු ගමන් මට මොකක්ද උනා...
මෙච්චර දුක් විදින අයත් මේ ලොකේ ඉන්නවාද? තමන් ආදරේ කරපු කෙනාට එයාව මතක නැති උනාම ඒ වේදනාව කොයි වගේ ඇත්ද...එත් ලේසියෙන් එහෙම කෙනෙක්ට අමතක වෙන්න පුලුවන් ද?
මං ඒ ගැන කල්පනා කරද්දි මගේ උරහිස තෙත් වෙන්න ගත්ත නිසා මං ටිකක් ඔලුව පහත් කරලා බැලුවේ ජන්කුක් දිහා...
එයා මගේ බෙල්ලෙ මූන හංගන් සද්ද නැතුව අඩනවා....මගේ ඉන වටේ එතිලා තිබ්බ එයාගෙ අතුත් හුගාක් තද වෙලා තිබ්බෙ....
මං මුකුත් නොකියා එයාට එහෙමම ඉන්න දුන්නා....කවුරුත් මේ වගේ අයගේ ප්‍රශ්න අහන්න ලෑස්ති වෙලා නැහැ...එයාලා මේ වගේ තැන් වලට එන්න හේතුව වෙන්නෙ අනිවාර්යයෙන් මොනාම හරි ලොකු කම්පනයක් එයාලාට වෙලා තියෙන නිසා...එත් හොද මනසින් ඉන්න අපි වගේ මිනිස්සුගෙන් හරිම සුලු පිරිසකට විතරයි මෙයාලගේ ප්‍රශ්න අහගෙන ඉන්න ඔනී....
ඔහොම විනාඩි ගානක් මගේ තුරුලේ අඬ අඬ හිටිය ජන්කුක් ආයේම මට කතා කරා....
🐰:
ජන්කුක් හුඟාක් අහිංසක විදිහට එහෙම ඉල්ලද්දි මගෙ මූනේද හිනාවක් ඇදුනේ එයා ඒක කිව්ව විදිහ දැකලා...
හරිම හුරතල්....
🐯:
එයා රෝස මල කියලා කතා කරන හැමවේලාවෙම ඇයි මගේ හිතට අමුත්තක් දැනෙන්නෙ...අනේ මන්දා...
මෙයා මගේ අනිත් පෙශන්ට්ලාට වඩා හොදට තේරුම් බේරුම් තියෙනවා....
සමහරවිට මට ජන්කුක්ව හොද කර ගන්න පුලුවන් වෙයි ද?
ඇත්තටම මෙයාට තියෙන්නෙ මොන වගේ ලෙඩක්ද?
ජන්කුක්ව මෙතනින් එලියට අරන් ගිහින් මෙයාට වෙනම කාලයක් වෙන් කරොත් මට මෙයාගෙ තත්වෙ බලලා අලුතින් රිපොට්ස් හදන්නත් පුලුවන් වෙයි....
එත් මං කොහොමද ඒකට permission ගන්නෙ...
කමක් නැහැ උත්සාහ කරලා බලනවා....
එදා රෑ අපි දෙන්නා එලිවෙනකන්ම කතා කර කර හිටියා....
______________________________________
Hi....
කොහොමද ?
අද මොනා හරි වැරදි තිබ්බොත් සොරි වේවා...මං පාරේ ඉදන් මේක update කරන්නේ.....
එහෙනම් අලුත් එකකින් එන්නම්....වෝට් කරන්න කමෙන්ට් කරන්න....
බායි......
ආදලෙයි....❤❤❤
Advertisement
- In Serial70 Chapters
Law Of Karma
Yu Xiang had the good fortune of being reborn in this new world into a strong Sect. Now a fledgling Cultivator of his own, he seeks to go as far as his legs and soul will take him, hopefully causing the least amount of pain and misery possible to his fellow cultivators and mortal people alike. After all, with flying swords, reality-bending masters, and giant spiritual beasts running around, who knew if Karma was a thing here? Better to hedge his bets and be on his best behavior. If only it were that easy... ______________________________ Updates on Sundays. English isn't my first language so feel free to point out any weird sentences, or errors.
8 160 - In Serial8 Chapters
Godling
This is a story of a guy who one day comes home to find a program installed on his pc. He quickly learns that the program is just a game called godling that just showed up out of no where. Fair warning to all of you; I am not perfect, in fact i'm not even that good when it comes to writing. I do it mainly because I enjoy it, I always love writing stories and sometimes I will post it like I will with this one. My grammar could be better and my writing skills are so and so. I hope that by continuing to write I will grow as a writter so I would really appreciate it if you could point out my mistakes so that I can learn from them. This story will be pretty laid back as I suck at action, but that doesn't mean I won't try to add any. Release schedule is 2-4 chapters a month with each chapter about 1000 words give or take.
8 201 - In Serial10 Chapters
EXO
After climbing the player ranks of Exultation Online, Arlyth finds herself in a graveyard. Dazed and unsure of what happened the day before, she finds out that she can't log out & that she's been reset to level 1 & her race has changed into a Sanguine Elf. All while her UI barely works, she finds that she has a voice implanted in her head, that's in control of her HUD and game controls. Unsure of what to make of her situation she tries to find some answers but is ultimately thwarted by the games AI Controller, unsure of its obsession with her Arlyth trudges on.
8 205 - In Serial38 Chapters
Cosanta
Attie, a young boy who has from a young age not been able to speak or utter much of any sounds, and his exploration of the world using his gift of spiritual sight as the anchor of his power. It will be slow going, but power is granted suddenly and viciously, the story will be centered around a world gradually being exposed to supernatural powers and entities and how these changes affect mankind and individual people. Multiple main characters, some with stories that intertwine and others entirely separate and distinct. Heavily character focused. --- Any critique about anything at all is greatly appreciated.
8 230 - In Serial29 Chapters
The Man Who Became a God
A man dies and is thrown into a world of fantasy where for him anything goes and along with the wish he asked to be granted he was given a wooden sword?!?!
8 105 - In Serial19 Chapters
Cars: Story of Jackson Storm
Subsequent story of Jackson Storm defeated Cruz Ramirez in Florida 500. And mystery secrets divided into truth and lie...The story of the new racer Jackson Storm, seeking the truth begins!
8 171

